Ultimate magazine theme for WordPress.

T20 ලෝක ශූරයින් සොයා යන අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(10) ආරම්භ වනවා.

තරගාවලියේ පළමු අවසන් පුර්ව තරගය අද අබුඩාබි හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ එංගලන්තය හා නවසීලන්තය අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි අවසන් පූර්ව තරගය හෙට(11) ඩුබායි හී දී පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.

එම තරගය ද මෙරට වේලාවෙන් ආරම්භ වන්නේ රාත්‍රී 7.30ටයි.

තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා පළමු කාණ්ඩයෙන් එංගලන්තය හා ඔස්ට්‍රේලියාව සුදුසුකම් ලබා ගත්තේ එම කාණ්ඩයේ පිළිවෙලින් පළමු ස්ථානය හා දෙවැනි ස්ථානය දිනා ගනිමින්.

එම කණ්ඩායම් දෙකම තරග 5 බැගින් ක්‍රීඩා කර ඉන් තරග 4 බැගින් ජය ගැනීමට සමත් වුණා.

දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ අපරාජිතව එම කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් පාකිස්තානය හා දෙවැනි ස්ථානයේ පසුවූ නවසීලන්තයයි.

පාකිස්තානය සහභාගී වූ තරග පහම ජය ගනිද්දී නවසීලන්තය ක්‍රීඩා කළ තරග 5න් 4ක් ජය ගැනීමට සමත් වුණා.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

Leave a comment