T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ

ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වන 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(8) නිවේදනය කළා.
කණ්ඩායම් 16 සදහා වන පුහුණු තරග මෙල්බර්න් හා බ්‍රිස්බේන් හී දී පැවැත්වීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ.
තරගාවලියේ පළමු වටය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් ඔක්තෝබර් 10 වැනිදා සිට 13 වැනිදා දක්වා අතර කාලයේ දී පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී හා Junction Oval ක්‍රීඩාංගනයේ දී යි එම පුහුණු තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ.
ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා සිටින කණ්ඩායම් ඔක්තෝබර් 17 වැනිදා සිට 19 වැනිදා දක්වා බ්‍රිස්බේන් හී දී පුහුණු තරග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන අතර, එම තරගය ඔක්තෝබර් 10 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.
අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 13 වැනිදා අයර්ලන්තයට එරෙහිව Junction Oval ක්‍රීඩාංගනයේ දී සිය දෙවැනි පුහුණු තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
පුහුණු තරග කාලසටහන –
ICC Men’s T20 World Cup 2022 warm-up fixtures (All times are local):
- 10 Oct – West Indies v UAE, Junction Oval, 11:00am
- 10 Oct – Scotland v Netherlands, Junction Oval, 3:00pm
- 10 Oct – Sri Lanka v Zimbabwe, MCG, 7:00pm
- 11 Oct – Namibia v Ireland, MCG, 7:00pm
- 12 Oct – West Indies v Netherlands, MCG, 7:00pm
- 13 Oct – Zimbabwe v Namibia, Junction Oval, 11:00am
- 13 Oct – Sri Lanka v Ireland, Junction Oval, 3:00pm
- 13 Oct – Scotland v UAE, MCG, 7:00pm
- 17 Oct – Australia v India, The Gabba, 2:00pm
- 17 Oct – New Zealand v South Africa , Allan Border Field, 2:00pm
- 17 Oct – England v Pakistan, The Gabba, 6:00pm
- 17 Oct – Afghanistan v Bangladesh, Allan Border Field, 6:00pm
- 19 Oct – Afghanistan v Pakistan, The Gabba , 1:00pm
- 19 Oct – Bangladesh v South Africa, Allan Border Field, 6:00pm
- 19 Oct – New Zealand v India, The Gabba, 6:00pm
Mark your calendars 🗓 ✍️
Here are the warm-ups and first round fixtures of 🇱🇰 in the ICC Men's #T20WorldCup 2022 👇#RoaringForGlory pic.twitter.com/K9pfqfA4vg
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) September 22, 2022