Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිවේදනය කෙරේ – ප්‍රබල රටවල් 3ක් පුහුණු තරග එපා කියයි

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ පුහුණු තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

ඒ අනුව පුහුණු තරග මැයි 27 වැනිදා සිට ජූනි පළමු වැනිදා දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහී දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පැවැත්වීමට නියමිත සමස්ත පුහුණු තරග සංඛ්‍යාව 16 ක්.

තරගාවලියට ක්‍රීඩා කරන රටවල් 20න් රටවල් 17 ක් පමණක් පුහුණු තරග සදහා ක්‍රීඩා කරනවා. ඒ අනුව නවසීලන්තය, එංගලන්තය හා පාකිස්තානය පුහුණු තරග සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.

එංගලන්තය හා පාකිස්තානය මෙම මස අගදී විස්සයි 20 තරග 4 කින් යුත් තරගාවලියක් ක්‍රීඩා කරන බැවින් ඔවුන් එලෙස පුහුණු තරග ක්‍රීඩා නොකරනු ඇති.

නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා කොටස් 3ක් වශයෙන් පැමිණීමට නියමිතව ඇති බැවින් ඔවුන්ට පුහුණු තරග ක්‍රීඩා කිරීම සදහා සියලු ක්‍රීඩකයින් එක් රැස් කර ගැනීමට අපහසු වී තිබෙනවා. අයි.පී.එල් තරගාවලියේ අවසන් තරග කිහිපය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත ක්‍රීඩකයින්ට කැරිබියන් දූපත් වෙත පැමිණීමට හැකි වන්නේ මෙම මස අවසානයේ දී යි.

කණ්ඩායම් තරගාවලිය සදහා පැමිණෙන දිනය මත පදනම්ව ඒ ඒ කණ්ඩායම්වලට පුහුණු තරග දෙකක් තෝරා ගත හැකි බවයි අයි.සී.සීය සදහන් කළේ.

මෙම පුහුණු විස්සයි 20 තරග සදහා ජාත්‍යන්තර විස්සයි 20 තත්ත්වය හිමි නොවන අතර, සෑම සංචිතයකම සිටින ක්‍රීඩකයින් 15 දෙනාටම තරගයක් සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව පවතිනවා.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරග දෙක පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට හා අයර්ලන්තයට එරෙහිවයි. නෙදර්ලන්තයට එරෙහි තරගය එළඹෙන 28 වැනිදා ද, අයර්ලන්තයට එරෙහි තරග එළඹෙන 31 වැනිදා ෆ්ලොරිඩා හී දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව මූලික වටයේ දී ක්‍රීඩා කරන අවසන් තරගය ද නෙදර්ලන්තයට එරෙහිව ජූනි 17 වැනිදා පැවැත්වෙන පසුබිමකයි ශ්‍රී ලංකාව පුහුණු තරග යටතේ ද නෙදර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ.

පුහුණු තරග යටතේ ඉන්දියාව එක් පුහුණු තරගයක් සදහා පමණක් ක්‍රීඩා කරන අතර, එය ජූනි පළමු වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනය පමණක් මෙතෙක් නිවේදනය කර නැහැ. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය මීට පෙර වාර්තා කර තිබුණේ අදාළ තරගය බොහෝ විට නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ඉඩ ඇති බවයි.

මේ අතර, පුහුණු තරග යටතේ දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන තරගය සංචිත අභ්‍යන්තර පුහුණු තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ.

පුහුණු තරග හා ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන පහතින් –

පුහුණු තරග කාලසටහන –

  • Monday 27 May
    Canada v Nepal, Grand Prairie Cricket Stadium, Grand Prairie, Texas 10h30
    Oman v Papua New Guinea, Brian Lara Cricket Academy, Trinidad and Tobago 15h00
    Namibia v Uganda, Brian Lara Cricket Academy, Trinidad and Tobago 19h00
  • Tuesday 28 May
    Sri Lanka v Netherlands, Broward County Stadium, Broward County, Florida 10h30
    Bangladesh v USA, Grand Prairie Cricket Stadium, Grand Prairie, Texas 10h30
    Australia v Namibia, Queen’s Park Oval, Trinidad and Tobago 19h00
  • Wednesday 29 May
    South Africa intra-squad, Broward County Stadium, Broward County, Florida 10h30
    Afghanistan v Oman, Queen’s Park Oval, Trinidad and Tobago 13h00
  • Thursday 30 May
    Nepal v USA, Grand Prairie Cricket Stadium, Grand Prairie, Texas 10h30
    Scotland v Uganda, Brian Lara Cricket Academy, Trinidad and Tobago 10h30
    Netherlands v Canada, Grand Prairie Cricket Stadium, Grand Prairie, Texas 15h00
    Namibia v Papua New Guinea, Brian Lara Cricket Academy, Trinidad and Tobago 15h00
    West Indies v Australia, Queen’s Park Oval, Trinidad and Tobago 19h00
  • Friday 31 May
    Ireland v Sri Lanka, Broward County Stadium, Broward County, Florida 10h30
    Scotland v Afghanistan, Queen’s Park Oval, Trinidad and Tobago 10h30
  • Saturday 1 June
    Bangladesh v India, Venue TBC USA

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා තරග කාලසටහන – (ශ්‍රී ලංකාවේ වේලාවෙන්)

  • Sri Lanka v South Africa, New York – 3 June 2024, 8:00 PM
  • Sri Lanka v Bangladesh, Dallas – 8 June 2024, 6:00 AM
  • Sri Lanka v Nepal, Florida – 12 June 2024, 5:00 AM
  • Sri Lanka v Netherlands, St. Lucia – 17 June 2024, 6:00 AM