T20 ලෝක කුසලානයට පෙර පාකිස්තානයට 20යි 20 තරග 19 ක්
ලබන වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සිය කණ්ඩායම 20 යි 20 තරග 19 ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලියට පෙර වැඩි 20යි 20 තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමේ අරමුණින් පාකිස්තානයට ඇති 20යි 20 තරග ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටයි මේ වන විට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව නවසීලන්තයට එරෙහිව ද 20යි 20 තරග 5 ක් ජනවාරි 12 වැනිදා සිට නවසීලන්තයේ දී ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති අතර, නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් ඊට අදාළ තරග කාලසටහන ද ඊයේ(18) නිවේදනය කළා.
ලෝක ටෙස්ට් ශුරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීම සදහා බටහිර ඉන්දීය කොදෙව් කණඩායම ලබන පෙබරවාරි මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට මීට පෙර නියමිතව තිබූ නමුත් එම තරගාවලිය 2025 වසරේ ජනවාරි මාසයට කල් දැමීමටයි පාකිස්තානය පියවර ගෙන ඇත්තේ.
තරග 5කින් යුත් 20යි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ලබන වසරේ අප්‍රේල් මාසයේ දී ද නවසීලන්ත කණ්ඩායම යළි පාකිස්තානයට පැමිණීමට නියමිතව තිබෙනවා.
නවසීලන්තයට එරෙහි 20යි 20 තරග 10ට අමතරව ඔවුන් නෙදර්ලන්තයට එරෙහිව තරග 3ක්, අයර්ලන්තයට එරෙහිව තරග 2 ක් හා ලෝක ශූර එංගලන්තයට එරෙහිව තරග 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.
Pakistan men’s revised FTP 2023-2025
2023-24
- July – Pakistan to Sri Lanka (two Tests)
- August – Pakistan to Afghanistan (three ODIs)
- September – ACC 50-over Asia Cup in Pakistan and Sri Lanka
- October/November – ICC Men’s Cricket World Cup India 2023
- December/January – Pakistan to Australia (three Tests)
- January – Pakistan to New Zealand (5T20Is)
- April – New Zealand to Pakistan (5 T20Is)
- May – Pakistan to the Netherlands (three T20Is), Ireland (two T20Is) and England (four T20Is)
- June – ICC Men’s T20 World Cup USA/West Indies 2024
2024-25
- August – Bangladesh in Pakistan (two Tests)
- October – England in Pakistan (three Tests)
- November – Pakistan to Australia (three ODIs and three T20Is)
- November/December – Pakistan to Zimbabwe (three ODIs and three T20Is)
- December/January – Pakistan to South Africa (two Tests, three ODIs, three T20Is)
- January – West Indies in Pakistan (two Tests)
- February – New Zealand and South Africa in Pakistan (ODI tri-series)
- February/March – ICC Champions Trophy Pakistan 2025
- April – Pakistan to New Zealand (three ODIs and five T20Is)
- May – Bangladesh in Pakistan (three ODIs and three T20Is)