T 20 ලෝක කුසලානයට කොදෙව්වන්ගෙන් ප්‍රබල සංචිතයක්; රාම්පෝල්ටත් කැදවීමක්

පන්දුවාර 20යි 20 වත්මන් ලෝක ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව්වන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා සිය සංචිතය අද(9) ප්‍රකාශයට පත් කළා.
කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කළ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
2012 වසරේ දී ශ්‍රී ලංකාව පරදා 20යි 20 ලෝක ශූරතාවය දිනා ගත් කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු වූ අත්දැකීම් බහුල වේග පන්දු යවන ක්‍රීඩක රවී රාම්පෝල් යළි සංචිතයට කැදවීමට කොදෙව් තේරීම් කමිටුව පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
2015 වසරෙන් පසුව පළමු වරට ඔහුව මෙලෙස ජාතික කණ්ඩායමට කැදවා ඇති අතර, රොස්ටන් චේස් ද පළමු වරට 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 23 වනදා එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Squad :
Squad: Kieron Pollard, Nicholas Pooran, Fabian Allen, Dwayne Bravo, Roston Chase, Andre Fletcher, Chris Gayle, Shimron Hetmyer, Evin Lewis, Obed McCoy, Ravi Rampaul, Andre Russell, Lendl Simmons, Oshane Thomas, Hayden Walsh Jr.
Reserves :
Darren Bravo, Sheldon Cottrell, Jason Holder, Akeal Hosein