Ultimate magazine theme for WordPress.

T 20 ලෝක කුසලානයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ https://www.t20worldcup.com/tickets යන ඔන්ලයින් මාර්ගය ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ප්‍රේක්ෂකයින්ට උදා වන බවයි.

ඕමානයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර පිළිවෙලින් ඕමාන් රියාල් 10 (රුපියල් 5,187) සිට හා එක්සත් අරාබි එමීර් ඩිරාම් 30 (රුපියල් 1,631) සිට මිලදී ගත හැකියි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරග නැරඹිය හැකි වන්නේ ක්‍රීඩාංගනයේ ධාරිතාවයෙන් 70%ක් පමණ වන ප්‍රේක්ෂකයින් පිරිසකට පමණයි.

ඕමානයේ පැවැත්වෙන තරග නැරඹිය හැකි වන්නේ ප්‍රේක්ෂකයින් 3,000කට පමණයි.

තරගාවලිය ලබන 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.