T 20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එන අයර්ලන්ත සංචිතය මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන අයර්ලන්ත සංචිතය අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.
Andrew Balbirnie ගේ නායකත්වයෙන් යුත් අයර්ලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කර තිබෙනවා.
මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති ග්‍රැහැම් කෙනෙඩි (Graham Kennedy) ද සංචිතයට ඇතුළත්.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අයර්ලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 18 වනදා නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 20 වනදායි.
Squad (Including three reserves):
Andrew Balbirnie (c), Mark Adair, Curtis Campher, Gareth Delany, George Dockrell, Shane Getkate, Graham Kennedy, Josh Little, Andrew McBrine, Barry McCarthy, Kevin O’Brien, Neil Rock, Simi Singh, Paul Stirling, Harry Tector, Lorcan Tucker, Ben White, Craig Young.