T 20 ලෝක කුසලානයට ප්‍රබල ශ්‍රී ලංකා සංචිතයක් ප්‍රකාශයට පත් කෙරේ

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (16) ප්‍රකාශයට පත් කළා.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. අතිරේක ක්‍රීඩකයින් 5 දෙනෙකු ද නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
පිතිකරුවන් ලෙස පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ හා නායක දසුන් ශානක සංචිතයට ඇතුළත්.
තුන් ඉරියව් ක්‍රීඩකයින් ලෙස වනිදු හසරංග, චාමික කරුණාරත්න හා ධනංජය ද සිල්වා සංචිතයට නම් කර තිබෙනවා.
ලෝක කුසලාන සංචිතයට ප්‍රධාන වේග පන්දු යවන්නන් 4 දෙනෙකු ඇතුළත්.
ඒ අනුව ආබාධ හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා නොකළ දුෂ්මන්ත චමීර හා ලහිරු කුමාර මෙන්ම ආසියානු කුසලාන තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ඩිල්ෂාන් මදුෂංක හා ප්‍රමෝද් මදුෂාන් යන ක්‍රීඩකයින් ද සංචිතයට නම් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, චමීර හා කුමාර ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේ ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.
හසරංගට අමතරව ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස මහීෂ් තීක්ෂණ හා ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.
ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ අතිරේක ක්‍රීඩකයින් පස් දෙනා අතරින් අශේන් බණ්ඩාර හා ප්‍රවීන් ජයවික්‍රම පමණක් සංචිතයේ සෙසු ක්‍රීඩකයින් සමග ඔස්ට්‍රේලියාව වෙත පිටත්ව යාමට නියමිතයි.
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වැනිදා ඔස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු වටය සදහා ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඔක්තෝබර් 16 වැනිදා නැමීබියාවට එරෙහිවත්, ඔක්තෝබර් 18 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවත්, ඔක්තෝබර් 20 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් ශ්‍රී ලංකාව තරග කිරීමට නියමිතව තිබෙනවා.
The Squad
1.) Dasun Shanaka – Captain
2.) Danushka Gunathilaka
3.) Pathum Nissanka
4.) Kusal Mendis – Wicket Keeper/Batsman
5.) Charith Asalanka
6.) Bhanuka Rajapaksa – Wicket Keeper/Batsman
7.) Dhananjaya de Silva
8.) Wanindu Hasaranga
9.) Maheesh Theekshana
10. Jeffrey Vandersay
11. Chamika Karunaratne
12. Dushmantha Chameera (Subject to fitness)
13. Lahiru Kumara (Subject to fitness)
14. Dilshan Madushanka
15. Promod Madushan
Standby Players
01) Ashen Bandara
02) Praveen Jayawickrema
03) Dinesh Chandimal
04) Binura Fernando
05) Nuwanidu Fernando