Ultimate magazine theme for WordPress.

T 10 තරගයක් අතරතුර කමිසය අදිමින් පන්දුව නතර කරන්න රොහාන් දිව ගිය හැටි

අබුඩාබීහී පැවැත්වෙන T 10 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(1) පැවති තරගයක් අතරතුර අබුඩාබි කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක රොහාන් මුස්තාෆාට මුහුණ දීමට සිදුවු අකරතැබ්බයක් පිළිබඳ මේ වන විට ලොව පුරා ක්‍රිකට් රසිකයන්ගේ අවධානයට යොමුව තිබෙනවා.

නිකලස් පූරාන් නායකත්වය ලබදෙන නොදර්න් වොරියර්ස් කණ්ඩායම පන්දුවට පහරදෙමින් සිටියදී යි ඔහු මෙම සිදුවීමට මුහුණ දුන්නේ.

එහිදී එක් අවස්ථාවක හතරේ සීමාව ආසන්නයේ පන්දු රකිමින් සිටි රොහාන් මුස්තාෆා, පිතිකරුවෙකු එල්ල කළ පහරක් නතර කර ගැනීම සදහා සිය කමිසය සම්පූර්ණයෙන් නොඇඳ දිව යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

එම සිදුවීම තරගයට ක්‍රීඩා කළ සියලු ක්‍රීඩකයින්ගේ ද මුවගට සිනහවක් ගෙන ඒම විශේෂත්වයක්.

දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

Leave a comment