Ultimate magazine theme for WordPress.

SLC Reds හා SLC Blues අවසන් තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට SLC Reds හා SLC Blues කණ්ඩායම් සමත් වුණා.

එම කණ්ඩායම් දෙකම මෙම තරගාවලියේ දී තරග 3 බැගින් ක්‍රීඩා කර තරග 2 බැගින් දිනා ගැනීමට සමත් වුණා.

Reds කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් අතර, Blues කණ්ඩායම දෙවැනි ස්ථානය හිමි කර ගත්තා.

එක් තරගය බැගින් ජය ගත් SLC Greys හා SLC Green කණ්ඩායම් පිළිවෙලින් තෙවැනි හා සිව්වැනි ස්ථානයි දිනා ගත්තේ.

මේ අතර, තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයෙන් SLC Blues කණ්ඩායම පරදා ලකුණු 33ක ජයක් වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම අද (13) සමත් වුණා.

තරගාවලියේ අවසන් තරගය සදුදා (15) පැවැත්වීමට නියමිතයි.

Leave a comment