Ultimate magazine theme for WordPress.

SLC Blues ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට චරිත් අසලංක නායකත්වය දරන SLC Blues කණ්ඩායම මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකෙන්ම ජය වාර්තා කරමින්. Blues කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය සටහන්ව ඇත්තේ 1.135 ක් වශයෙන්.

කුසල් මෙන්ඩිස් නායකත්වය දරන SLC Reds කණ්ඩායම මේ වන විට තරග දෙකක් ක්‍රීඩා කර ඉන් එක් තරගයක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටින්නේ දෙවැනි ස්ථානයේ යි. ඔවුන්ට 0.414 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් හිමිව තිබෙනවා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greens කණ්ඩායම එක් තරගයක් ජය ගෙන -0.600 ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව රැදී සිටින්නේ තෙවැනි ස්ථානයේයි.

ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වූ SLC Greys කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි හා අවසන් ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, තරගාවලිය යටතේ ඊයේ (10) රාත්‍රියේ පැවැති 4 වැනි තරගයෙන් SLC Greys කණ්ඩායම (115/9) පරදා කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම (119/6 (18.3)) සමත් වුණා.

Leave a comment