SLC මාධ්‍ය නිවේදනයට ජොන්ටි රෝඩ්ස්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රතිචාරයක්

දේශීය පුහුණුකරුවන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සදහා උසස් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩකයෙකු හා පුහුණුකරුවෙකු වන ජොන්ටි රෝඩ්ස් ඇතුළු ජාත්‍යන්තර ප්‍රවීණයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට සිය ආයතනය තීරණය කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (18) නිකුත් කළ මාධ්‍ය නිවේදනයට ජොන්ටි රෝඩ්ස් මේ වන විට ආන්දෝලනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
ThePapare.com විසින් මේ පිළිබද පල කර ඇති ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් ඔහු සදහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත්ව නොමැති බවයි.
“හ්ම්… මෙය මට ප්‍රවෘත්තියකි. #ඔබේකරුණුපරීක්ෂාකරන්න” (Hmmmm @ThePapareSports this is news to me #checkyourfacts) යනුවෙන් ජොන්ටි රෝඩ්ස් සදහන් කර තිබෙනවා.
පුහුණු වැඩසටහන් පවත්වමින් දේශීය පුහුණුකරුවන්ට මෙන්ම භෞතචිකිත්සකයින්ට (local coaches, trainers, physiotherapists) ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් උසස් පුහුණුවක් ලබාදීම සඳහා ජාත්‍යන්තර ප්‍රවීණයින් කිහිප දෙනෙකුගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්ව තිබුණා.
පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය කණ්ඩායමේ හිටපු වේග පන්දු පුහුණුකරුවෙකු වන භාරත් අරුන් හා හිටපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ භෞතචිකිත්සක Alex Kountouri මෙලෙස අදාළ පුහුණු වැඩසටහන් සදහා එක්කර ගැනීමට විධායක කමිටුව තීරණය කර ඇති බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.
අදාළ වැඩසටහන මෙම වසරේ දී ආරම්භ කිරීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
Hmmmm @ThePapareSports this is news to me #checkyourfacts https://t.co/Ok0kwLsJe4
— Jonty Rhodes (@JontyRhodes8) January 19, 2024
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය –