Ultimate magazine theme for WordPress.

SLC ආරාධිත T 20 ලීගයේ පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් 4ට අදාළ පුහුණුකරුවන්ගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කළා.

තරගාවලිය ඊයේ(12) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, තරග පැවැත්වීමට නියමිත මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට පැවැති වැසි සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් එය අද දින දක්වා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය අළු (Greys) හා කොළ (Greens) කණ්ඩායම් අතර අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි තරගය රාත්‍රී 7ට ආරම්භ වන්නේ නිල් (Blues) හා රතු (Reds) කණ්ඩායම් අතරයි.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) විසින් අදාළ කණ්ඩායම්වල නායකත්වය දරනු ලබනවා.

කණ්ඩායම් හතරේ පුහුණු කාර්යය මණ්ඩලය –

Team Blues :
– Rumesh Ratnayake – Head Coach
– Thilina Kandamby – Asst. Coach
Team Reds :
– Ruwin Peiris – Head Coach
– Sajeewa Weerakoon – Asst. Coach
Team Greys :
– Upul Chandana – Head Coach
– Saman Jayantha – Asst. Coach
Team Greens :
– Darshana Gamage – Head Coach
– Malinda Warnapura – Asst. Coach