Ultimate magazine theme for WordPress.

SLC ආරාධිත T 20 තරගාවලිය අදින් ඇරඹේ; කාලසටහන ඇතුළු සියලු තොරතුරු මෙන්න

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් පියවරක් ලෙස පැවැත්වීමට නියමිත ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වනවා.

කණ්ඩායම් 4කගේ සහභාගීත්වයෙන් තරගාවලියේ සියළු තරග මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

නිල් (Blues), රතු (Reds) , කොළ (Greens) සහ අළු (Greys) වශයෙන් තරගාවලියට එක් වන කණ්ඩායම් 4 නම් කර තිබෙනවා.

දසුන් ශානක (Greys), ධනංජය ද සිල්වා (Blues), දිනේෂ් චන්දිමාල් (Reds) හා අශාන් ප්‍රියන්ජන් (Greens) විසින් අදාළ කණ්ඩායම්වල නායකත්වය දරනු ලබනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ අළු (Greys) හා කොළ (Greens) කණ්ඩායම් අතරයි.

එම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව ඇති අතර, දිනයේ දෙවැනි තරගය නිල් (Blues) හා රතු (Reds) කණ්ඩායම් අතර රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි.

වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා කුසල් ජනිත් පෙරේරා මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

එමෙන්ම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම හේතුවෙන් සදුන් වීරක්කොඩි, ජෙහාන් ඩැනියල්, සංගීත් කුරේ, කුෂාන් ජයවික්‍රම, ළහිරු ගමගේ, අශාන් රන්දික හා ලසිත් ඇඹුල්දෙණිය යන ක්‍රීඩකයින්ටත්, කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සචිදු කොළඹගේ, නිමේෂ් විමුක්ති හා මොහොමඩ් ෂිරාස් යන ක්‍රීඩකයින්ටත් මෙම තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ආබාධයක් හේතුවෙන් භානුක රාජපක්ෂ ද තරගාවලියට එක් නොවන බව මීට පෙර වාර්තා වුණා.

තරගාවලියේ මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග 6 කට ක්‍රීඩා කරන අතර ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අගෝස්තු 24 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුසුදුකම් ලබනු ඇති.

තරගාවලියේ සියළුම තරග ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වෙන බවත්, තරග පැවැත්වෙන සෑම දිනකම තරග 2 බැගින් පැවැත්වෙන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

මේ අතර, Blues කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි හිමාෂ ලියනගේ Greys කණ්ඩායම වෙත මාරු කර තිබෙනවා.

එමෙන්ම කමිල් මිෂාර Greens කණ්ඩායමෙන් Greys කණ්ඩායම වෙතත්, ප්‍රභාත් ජයසූරිය Greys කණ්ඩායමෙන් Reds කණ්ඩායම වෙතත්, මාරු කළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරගාවලිය සජීවීව නැරඹීමේ අවස්ථාව ද ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

ඒ අනුව Dialog TV හි Channel One නාලිකාව ඔස්සේ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද තරග නැරඹිය හැකියි.

තරග කාලසටහන –

SLC
Leave a comment
logo