Ultimate magazine theme for WordPress.

කොවිඩ් නිසා SLC ආරාධිත T 20 තරගාවලියේ කාලසටහනෙහි සංශෝදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 9 වන හා 10 වැනි තරග අනිද්දා(21) දිනය දක්වා කල් දැමූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටලයේ සේවකයින් පිරිසකට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙලෙස කාලසටහන සංශෝදනය කර ඇති බව සදහන්.

පසුගිය 17 වනදා සේවකයින්ට සිදු කළ PCR පරීක්ෂණයකදී යි ඒ බව අනාවරණය වී තිබුණේ.

ඒ හේතුවෙන් ක්‍රීඩකයින් සහ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් මේ වන විට හෝටල් දෙකක් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කොවිඩ් 19 ආසාදනය වූ සේවකයින් ක්‍රීඩකයින් සමග හෝ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් සමග සෘජු සම්බන්ධතාවයක් දක්වා නොමැති බවත්, ක්‍රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජකයින් අද දිනයේ දී PCR පරීක්ෂණයකට මුහුණ දී ඇති බවත් සදහන්.

තරගාවලියේ 11 වන හා 12 වන තරග සුපුරුදු පරිදි ලබන 22 වනදා පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය නියමිත පරිදි ලබන 24 වනදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනු ඇති.

SLC
Leave a comment