Ultimate magazine theme for WordPress.

SL vs IND : ප්‍රවේශ පත්‍ර මිල ගණන් හා මිලදී ගත හැකි ආකාරය නිවේදනය කෙරේ

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව https://mycricket.com.lk/slcb-ticketing-frontend-ticketing-platform-ui/home යන වෙබ් පිටුව හරහා ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට අවස්ථාව ලබා දීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, ප්‍රවේශ පත්‍ර කවුළු තුළින් ද හෙට(24) දිනයේ සිට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා වනවා.

ඒ අනුව තරග නොපැවැත්වෙන දිනවලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයෙන් ද, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙන් ද, කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ද (SSC ආසන්නයේ), ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

තරග පැවැත්වෙන දිනවලදී ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි වන්නේ බලගොල්ල අභිත ක්‍රීඩාංගනයෙන්, කොළඹ විද්‍යා මාවතේ පිහිටි ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් හා නව බෝධිරාජ මාවතේ (ඔරුගොඩවත්ත අන්තය) පිහිටි කවුළුවෙන් පමණක් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.

ප්‍රවේශ පත්‍ර මිල ගණන් –

PICS, Pallekele for T20I Games –

  • Grass Embankment – 500/=
  • A and B Lower – 2,000/=
  • Grand Stand Top Level – 5,000/=
  • Grand Stand Top Level 22 Seat Box ( Per seat) – 10,000/=

RPICS, Colombo for ODI Games

  • Block C & D Lower Level – 500/=
  • Block C& D Upper Level – 2,000/=
  • Block A & B Lower Level – 3,000/=
  • Block A & B Upper Level – 4,000/=
  • Grand Stand Top Level – 7,500/=