SL vs IND : නව නායකයෙකු සමග ශ්‍රී ලංකා T20 සංචිතය ප්‍රකාශයට පත් කෙරේ ; චමිදුටත් අවස්ථාවක්

ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ නව නායකයා ලෙස චරිත් අසලංක පත් කිරීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට තහවුරු කර තිබෙනවා. ඒ, පසුගියදා විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වූ වනිදු හසරංග වෙනුවටයි.
ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රි ලංකා තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ බව තහවුරු කළා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ දී පිතිකරණයෙන් අසාර්ථක වූ නමුත්, අවසන් වටයේ තරගවලදී සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් සංචිතයේ සිය ස්ථානය තවදුරටත් රැක ගැනීමට සමත්ව තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දක්වමින් නැගී එන ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ නවක ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ ද ශ්‍රී ලංකා සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
LPL තරගාවලියේ දී පිත්තෙන් දක්ෂතා දැක් වූ දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා හා අවිශ්ක ප්‍රනාන්දු යළි විස්සයි 20 සංචිතයට කැදවීමට තීරණය කර තිබෙනවා.
වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
ඇන්ජෙලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, ඩිල්ෂාන් මදුෂංක හා සධීර සමරවික්‍රමට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.
විස්සයි 20 තරග තුන එළඹෙන 27, 28 හා 30 යන දිනයන්හී දී පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද, එක්දින තරග තුන අගෝස්තු 2, 4 හා 7 යන දිනයන්හී දී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.
SL Squad
1) Charith Asalanka – Captain
2) Pathum Nissanka
3) Kusal Janith Perera
4) Avishka Fernando
5) Kusal Mendis
6) Dinesh Chandimal
7) Kamindu Mendis
8) Dasun Shanaka
9) Wanindu Hasaranga
10) Dunith Wellalage
11) Maheesh Theekshana
12)Chamindu Wickramasinghe
13) Matheesha Pathirana
14) Nuwan Thushara
15) Dushmantha Chameera
16)Binura Fernando