SL v WI : පළමු T20 තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වේවිද? දඹුල්ලේ කාළගුණ තොරතුරු මෙන්න
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වනවා. තරගාවලිය දඹුල්ලේ දී පැවැත්වෙන අතර, පළමු තරගය අද රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතයි.
සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වීමෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.
ශ්‍රී ලංකාව හා කොදෙව්වන් අතර පැවැත්වෙන 16 වැනි විස්සයි 20 ජාත්‍යන්තර තරගයයි අද පැවැත්වීමට නියමිතව ඇත්තේ. මෙතෙක් පවත්වා ඇති විස්සයි 20 තරග 15 න් තරග 8ක් ශ්‍රී ලංකාවත්, තරග 7ක් කොදෙව් කණ්ඩායමත් ජය ගෙන තිබෙනවා.
මේ වන විට ICC විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොදෙව්වන් 3 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී මේ දක්වා පවත්වා ඇත්තේ පිරිමි විස්සයි 20 ජාත්‍යන්තර තරග 3ක් පමණයි. එම තරග තුනම මෙම වසරේ දී ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වුණා.
එක් තරගයකදී ලකුණු 200 සීමාව ද පසු කරමින් කණ්ඩායම් දෙකම ලකුණු රැස් කිරීමට සමත් වූ අතර, අනෙක් තරග දෙකේ දී ලකුණු 187 හා 160 සාර්ථක ලෙස ආරක්ෂා කර ගැනීමට දෙවනුවට පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
කාළගුණය –
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මේ දිනවල අධික වැසි සහිත කාළගුණ තත්ත්වයක් පවතින නමුත්, දඹුල්ල ප්‍රදේශයට එතරම් අයහපත් කාළගුණ තත්ත්වයක් පවතින බවට වාර්තා වන්නේ නැහැ.
ඊයේ දිනයේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම පුහුණුවීම්වල නිරත වූ අතර, වර්ෂාවෙන් පුහුණුවීම් සදහා බාධාවක් එල්ල වූයේ නැහැ.
අද දිනයේ දී දඹුල්ලට වර්ෂාව පතිත වීමට අවස්ථාවක් ඇති බවට කාළගුණ අනාවැකි පලව ඇති නමුත්, අද තරගය සදහා වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකියි.
Been raining cats and dogs in Colombo for the last three days. But up in Dambulla, the skies cleared today, allowing both training sessions to go ahead without a hitch. Fingers crossed for clear skies and a brilliant day tomorrow! pic.twitter.com/hXu9gCGjs0
— Rex Clementine (@RexClementine) October 12, 2024
කණ්ඩායම් දෙක –
අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්. ඒ අනුව භානුක රාජපක්ෂ කලකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමටයි තීරණය කර ඇත්තේ.
Sri Lanka XI : Pathum Nissanka, Kusal Mendis, Kusal Janith Perera, Kamindu Mendis, Charith Asalanka (C), Bhanuka Rajapaksa, Wanindu Hasaranga, Chamindu Wickramasinghe, Maheesh Theekshana, Matheesha Pathirana, Asitha Fernando
නිකලස් පූරාන්, අන්ඩ්‍රි රසල්, අකීල් හොසෙයින් හා ශිම්රන් හෙට්මයර් යන ක්‍රීඩකයින් පෞද්ගලික හේතු මත මෙම තරග සංචාරයෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති අතර, 2022 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී අවසන් වරට විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර ඇති එවින් ලුවිස් සංචිතයට ඇතුළත් කිරීමයි කොදෙව්වන් පියවර ගෙන ඇත්තේ.
ආබාධයකින් සුවය ලැබූ බ්‍රෙන්ඩන් කිංග් යළි විස්සයි 20 සංචිතයට කැදවා ඇති අතර, ටෙරන්ස් හයින්ඩ් හා ශමාර් ස්ප්‍රින්ගර් යන තුන් ඉරියව් ක්‍රීඩකයින් පළමු වරට ජාතික සංචිතයට නම් කර තිබෙනවා.
West Indies Squad: Rovman Powell (C), Roston Chase (VC), Fabian Allen, Alick Athanaze, Andre Fletcher, Terrance Hinds, Shai Hope, Alzarri Joseph, Shamar Joseph, Brandon King, Evin Lewis, Gudakesh Motie, Sherfane Rutherford, Romario Shepherd, Shamar Springer