SL තරගාවලිය නිසා ප්‍රබලයින් රැසක් නොමැති SA T20I සංචිතයක් නම් කෙරේ – නායකත්වය ක්ලාසන්ට
පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හෙන්රික් ක්ලාසන්ට පැවරී තිබෙනවා.
ඒ, නිත්‍ය නායක ඒඩ්න් මාක්‍රම් මෙම විස්සයි 20 තරගාවලිය සදහා නම් කර නොතිබීම හේතුවෙන්. ඔහුට අමතරව මාර්කෝ ජැන්සන්, කේෂාව් මහරාජ්, කාගිසෝ රබාඩා හා ට්‍රිස්ටන් ස්ටබ්ස් යන ක්‍රීඩකයින් ද විස්සයි 20 සංචිතයට නම් කර නැහැ.
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය දෙසැම්බර් 9 වැනිදා අවසන් වීමට නියමිතව තිබීමත්, දෙසැම්බර් 10 වැනිදා පළමු විස්සයි 20 තරගය පැවැත්වීමට නියමිතව තිබීමත් පදනම් කර ගනිමින් එම ක්‍රීඩකයින් විස්සයි 20 සංචිතයට නම් නොකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම ක්‍රීඩකයින් 5 දෙනා දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වන තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා නම් කෙරෙනු ඇති.
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතය සදහා ඇතුළත්ව සිටින Ryan Rickelton, Kwena Maphaka, හා Matthew Breetzke යන ක්‍රීඩකයින් විස්සයි 20 සංචිතය සදහා ද නම් කර ඇති බැවින් ඔවුන් දෙවැනි ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසුව විස්සයි 20 සංචිතය සමග එක් වීමට නියමිතයි.
මේ අතර, පසුගිය ජූනි මාසයේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මෙතෙක් ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති අන්රික් නොකියා හා ටබ්රයිස් ශම්සි ද විස්සයි 20 සංචිතයට නම් කර තිබෙනවා.
අවසන් වරට 2021 වසරේ ජූලි මාසයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි 20 තරගයක් ක්‍රීඩා කර ඇති George Linde ද සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
South Africa T20I Squad:
Heinrich Klaasen (c), Ottneil Baartman, Matthew Breetzke, Donovan Ferreira, Reeza Hendricks, Patrick Kruger, George Linde, Kwena Maphaka, David Miller, Anrich Nortje, Nqaba Peter, Ryan Rickelton, Tabraiz Shamsi, Andile Simelane and Rassie van der Dussen