SA20 වෙන්දේසිය සැප්තැම්බර් 27 ; රදවා ගත් සියලු ක්‍රීඩකයින් නිවේදනය කෙරේ
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම සංචිතවලින් නිදහස් කර තිබීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ 2024 අදියරේ ක්‍රීඩක වෙන්දේසිය සැප්තැම්බර් 27 වැනිදා ජොහැනස්බර්ග් හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
සෑම කණ්ඩායමකටම සිය සංචිතය සකස් කර ගැනීම සදහා රැන්ඩ් මිලියන 39.1 ක මුදලක් ක්‍රීඩකයින් වෙනුවෙන් වියදම් කිරීමට හැකියි. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 67 ක පමණ අගයක්.
වෙන්දේසි දිනයේ දී ක්‍රීඩකයින් 21 දෙනෙකු මිලදී ගැනීමට නියමිතව තිබෙනවා. ඉන් 6 දෙනෙකු වයස අවුරුදු 22 හෝ ඊට අඩු, මීට පෙර SA20 තරගාවලිය ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් විය යුතුයි.
සංචිතයක් සදහා ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත් විය යුතු අතර, ඊට අවම වශයෙන් දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 10 දෙනෙකු ඇතුළත් විය යුතුයි. උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් 7 දෙනෙකු ද සංචිතයකට ඇතුළත් කර ගත හැකියි.
ඊට අමතරව වයස අවුරුදු 22 හෝ ඊට අඩු, මීට පෙර SA20 තරගාවලිය ක්‍රීඩා නොකළ දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු ද ඇතුළත් කර ගත යුතු වනවා.
මේ අතර, SA20 තරගාවලියේ දෙවැනි අදියර සදහා මේ වන විට සංචිතවල රදවා ගෙන ඇති සියලු ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.
ඊට අනුව Durban’s Super Giants සංචිතයට ඇතුළත්ව සිටි ශ්‍රී ලංකාවේ ඩිල්ෂාන් මදුෂංක තවදුරටත් එම සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.
එම කණ්ඩායම විසින් භානුක රාජපක්ෂ සමග එළඹෙන තරග වාරය වෙනුවෙන් සෘජුව ගිවිසුම්ගත වුණා. පසුගිය තරග වාරයේ දී එම සංචිතයට ඇතුළත්ව සිටි අකිල ධනංජය එළඹෙන තරග වාරය වෙනුවෙන් රදවා ගත් ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව නැහැ.
Joburg Super Kings කණ්ඩායම විසින් මහිෂ් තීක්ෂණ සංචිතයෙන් නිදහස් කිරීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
Pretoria Capitals කණ්ඩායම විසින් කුසල් මෙන්ඩිස් ද සිය සංචිතයෙන් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ.
Squads:
- Durban’s Super Giants
Pre-signed players – Prenelan Subrayen, Quinton De Kock, Naveen Ul Haq, Kyle Mayers, Reece Topley, Bhanuka Rajapaksa
Retained players – Dwaine Pretorius, Keshav Maharaj, Keemo Paul, Kyle Abbott, Heinrich Klaasen, Wiaan Mulder, Dilshan Madushanka, Jon-Jon Smuts, Matthew Breetzke, Junior Dala
- Joburg Super Kings
Pre-signed players – Gerald Coetzee, Faf du Plessis, Moeen Ali, David Wiese, Zahir Khan, Sam Cook
Retained players – Leus du Plooy, Reeza Hendricks, Lizaad Williams, Nandre Burger, Donovn Ferreira, Aaron Phangiso, Sibonelo Makhanya, Kyle Simmonds
- MI Cape Town
Pre-signed players – Dewald Brevis, Kagiso Rabada, Rashid Khan, Sam Curran, Liam Livingstone, Tom Banton
Retained players – Rassie Van Der Dussen, Delano Potgieter, Ryan Rickelton, George Linde, Beuran Hendricks, Duan Jansen, Olly Stone, Grant Roelofsen
Wildcard player – Jofra Archer
- Paarl Royals
Pre-signed players – Kwena Maphaka, David Miller, Jos Buttler, Obed McCoy
Retained players – Tabraiz Shamsi, Lungi Ngidi, Jason Roy, Andile Phehlukwayo, Dane Vilas, Bjorn Fortuin, Mitchell Van Buuren, Wihan Lubbe, Ferisco Adams, Codi Yusuf, Evan Jones
- Pretoria Capitals
Pre-signed players – Migael Pretorius, Anrich Nortje, Jimmy Neesham
Retained players – Rilee Rossouw, Colin Ingram, Senuran Muthusamy, Wayne Parnell, Theunis De Bruyn, Adil Rashid, William Jacks, Eathan Bosch, Shane Dadswell, Corbin Bosch
- Sunrisers Eastern Cape
Pre-signed players – Ottniel Baartman, Aiden Markram, Liam Dawson, Dawid Malan
Retained players – Marco Jansen, Tristan Stubbs, Sisanda Magala, Brydon Carse, Simon Harmer, Temba Bavuma, Sarel Erwee, Jordan Hermann, Aya Gqamane, Adam Rossington, Tom Abell
Wildcard player – Craig Overton