Ultimate magazine theme for WordPress.

SA20 වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයක්

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියරට අදාළ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ක්‍රීඩකයින් 200 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙන බව තරගාවලියේ සංවිධායකයින් පවසනවා.

ඔක්තෝබර් පළමු වැනිදා කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිත වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් අතරට දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් 115 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයින් 73 දෙනෙකු ඇතුළත්.

වෙන්දේසිය සදහා ලියාපදිංචි වීම සදහා ක්‍රීඩකයින් 600 දෙනෙකු පමණ අයදුම්පත් යොමු කර තිබූ බව සදහන්.

ක්‍රීඩකයින් 200 දෙනෙකුට ආසන්න පිරිසක් ඉදිරිපත් කෙරුණ ද වෙන්දේසියේ දී කණ්ඩායම් හයටම තවත් මිලදී ගැනීමට අවශ්‍යව ඇත්තේ ක්‍රීඩකයින් 13 දෙනෙකු පමණයි. ඒ අතරට විදෙස් ක්‍රීඩකයින් 10 දෙනෙකු ද ඇතුළත්.

වෙන්දේසිය සදහා ඉදිරිපත් කෙරෙන ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් බවයි තරගාවලියේ සංවිධායකයින් සදහන් කළේ. එනම්,

  • කමිදු මෙන්ඩිස් (මූලික වටිනාකම රුපියල් කෝටි 1.4)
  • දසුන් ශානක (රුපියල් ලක්ෂ 73)
  • අසිත ප්‍රනාන්දු (රුපියල් ලක්ෂ 73)
  • ප්‍රමෝද් මදුෂාන් (රුපියල් ලක්ෂ 30)
  • දුෂාන් හේමන්ත (රුපියල් ලක්ෂ 73)
  • චමිදු වික්‍රමසිංහ (රුපියල් ලක්ෂ 30) යන ක්‍රීඩකයින්.

වෙන්දේසියට පෙරම Joburg Super Kings කණ්ඩායම විසින් මහීෂ් තීක්ෂණ ද, MI Cape Town කණ්ඩායම විසින් නුවන් තුෂාර ද සිය සංචිතවල රදවා ගැනීමට පියවර ගත්තා.

SA20 තරගාවලිය ජනවාරි 9 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment