Ultimate magazine theme for WordPress.

Road Safety World Series තරගාවලියට වෙනස්කම් කිහිපයක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series තරගාවලියේ තෙවැනි අදියර සදහා පාකිස්තාන කණ්ඩායමක් ද පළමු වරට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

2020 වසරේ දී ආරම්භ වූ මෙම තරගාවලියේ තෙවැනි අදියර එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

පළමු අදියර දෙකම ඉන්දියාවේ දී පැවැති නමුත්, තෙවැනි අදියර එංගලන්තයේ දී පැවැත්වීමට සූදානමින් සිටින බව සදහන්.

තෙවැනි අදියරේ තරග කාලසටහන මෙතෙක් නිවේදනය කර නැතත්, තරගාවලිය සදහා කණ්ඩායම් 8ක් වෙනුවට 9ක් තරග වැදීමට මෙවර නියමිත බවයි වාර්තා වන්නේ.

පළමු අදියර දෙකේ දී ම ශූරතාවය ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම විසින් ද, අනුශූරතාවය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම විසින් ද දිනා ගත්තා.