Road Safety තරඟාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමි වූ නාලිකාව මෙන්න

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය ලබා ගැනීමට ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාව සමත්ව තිබෙනවා.
මෙවර Road Safety World Series ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 10 වැනිදා සිට ඔක්තෝබර් පළමු වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ඉන්දියාවේ Kanpur, Raipur, Indore හා Dehradun හී දී තරග පැවැත්වීමට නියමිතයි.
මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් අටක් එක් වන අතර, පසුගිය තරග වාරයට ක්‍රීඩා නොකළ නවසීලන්තය ද නියෝජනය කරමින් ලෙජන්ඩ්ස් කණ්ඩායමක් මෙවර තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතයි.
මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් කටයුතු කරනවා.
සනත් ජයසූරිය, අසේල ගුණරත්න, චාමර සිල්වා, ඉසුරු උදාන, චාමර කපුගෙදර, චමින්ද වාස්, ධම්මික ප්‍රසාද්, තිසර පෙරේරා, දිල්ෂාන් මුණවීර, නුවන් කුලසේකර හා උපුල් තරංග වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙවර තරගාවලිය සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි.