Ultimate magazine theme for WordPress.

RCB දග පන්දු පුහුණුකරු වනිදුගේ පන්දු යැවීම වෙනස් කළ හැටි පහදයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සම්බන්ධයෙන් එම කණ්ඩායමේ සමාජ මාධ්‍ය කණ්ඩායම විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝවේ දී වනිදු හසරංග ද මෙවර තරගාවලියේ දී දැක් වූ සිය දක්ෂතා පිළිබද අදහස් දක්වන අතර, දග පන්දු පුහුණුකරු Sridharan Sriram හා ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන්  ද වනිදුගේ දක්ෂතා සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.

දග පන්දු පුහුණුකරු Sridharan Sriram මෙම වීඩියෝවේ දී සදහන් කර සිටියේ වනිදු හසරංගගේ පන්දු යැවීම සම්බන්ධයෙන් තමා යම් යම් තාක්ෂණික වෙනස්කම් කිහිපයක් මේ වන විට සිදු කර ඇති බවයි.

විශේෂයෙන්ම ඔහු පන්දු යැවීමට දිව යාමේ ක්‍රමවේදයේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් එය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ බව ඔහු පෙන්වා දෙනවා.

වමත් පිතිකරුවන්ට එරෙහිව ඔහු යොදා ගන්නා උපක්‍රම ද මෙවර තරග වාරය ආරම්භයට වඩා මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවයි දග පන්දු පුහුණුකරු සදහන් කර සිටියේ.

මෙවර අයි.පී.එල් තරග වාරය ආරම්භ වූ අවස්ථාවට වඩා මේ වන විට ඔහු වමත් පිතිකරුවන්ට එරෙහිව වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව ද ඔහු පෙන්වා දෙනවා.

සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න –