Ultimate magazine theme for WordPress.

RCB ට්විටර් ගිණුම හැකර්කරුවන් යටතට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග වදින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

කෙසේ වෙතත්, හැකර්කරුවන්ගේ පාලනයේ තිබූ සිය ගිණුම පැය කිහිපයකින් අනතුරුව යළි සිය පාලනය යටතට පත් කර ගැනීමට හැකි වූ බවයි RCB කණ්ඩායම නිවේදනය කළේ.

හැකර්කරුවන් විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩ මේ වන විට සිය ගිණුමෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ද RCB කණ්ඩායම සදහන් කළා.

මේ අතර, RCB කණ්ඩායමේ නායක විරාට් කෝලි හා වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් මේ වන විට එංගලන්තයේ සිට ඩුබායි නුවර වෙත පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින්.

ඔවුන් දෙදෙනා දින 6ක කාලයක් නිරෝධායනයට ලක්වීමෙන් පසුව RCB කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුල වෙත එක් වනු ඇති.