RCB ජයග්‍රහනයේ සැමරුම් මැද පුද්ගලයින් 11 දෙනෙකුට දිවි අහිමි වෙයි

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමත් සමග බැංගලූරුහි පැවැති සැමරුම් අතරතුර සිදු වූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් තෙරපීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමය විසින් RCB කණ්ඩායමේ ජයග්‍රහනය වෙනුවෙන් පවත්වන ලද සැමරුමක් සදහා එම් චින්නස්වාමි ක්‍රීඩාංගනය අසලට පිරිසක් රැස්වූ අවස්ථාවේදී මෙම තත්ත්වය ඇතිව තිබෙනවා.
තුවාල ලැබූ සහ සිහිසුන් වූ පුද්ගලයින් පොලිසියේ මැදිහත් වීමෙන් රෝහල් වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇති බව සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කර්නාටක නියෝජ්‍ය ප්‍රධාන ඇමති DK Shivakumar සදහන් කළේ රැස් වූ පිරිස පාලනය කළ නොහැකි වූ බවයි.
දර්ශන කිහිපයක් පහතින් –
#WATCH | A car was damaged after fans climbed over it outside the M Chinnaswamy Stadium in Bengaluru
A large number of #RoyalChallengersBengaluru fans have turned up here to catch a glimpse of their champion team.
A special felicitation ceremony for all RCB players has been… pic.twitter.com/WuNrbo5Bzh
— ANI (@ANI) June 4, 2025
#WATCH | Bengaluru: Fans climb over the M Chinnaswamy Stadium walls and fences; police appeal to people to leave and not indulge in such activities
A large number of #RoyalChallengersBengaluru fans have turned up to catch a glimpse of their champion team.
A special… pic.twitter.com/CBn37w9xxp
— ANI (@ANI) June 4, 2025
this isn’t argentina this is bangalore pic.twitter.com/Yza8zvp3aR
— Bosspalem (@DpBossian) June 4, 2025