Ultimate magazine theme for WordPress.

PSL Draft : විදෙස් ක්‍රීඩකයින් 493 දෙනෙකු ලියාපදිංචි වෙයි ; ශ්‍රී ලංකාවෙන් 60 ක්

2023 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා විදෙස් ක්‍රීඩකයින් 493 දෙනෙකු ලියාපදිංචි වී ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(11) රාත්‍රියේ නිවේදනය කළා.

ඉන් ක්‍රීඩකයින් 29 දෙනෙකු Platinum කාණ්ඩයෙන් ලියාපදිංචි වී ඇති අතර, 81 දෙනෙකු Diamond කාණ්ඩයෙන් ලියාපදිංචි වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

වැඩිම ක්‍රීඩකයින් පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ එංගලන්තයෙන්. එම ක්‍රීඩකයින් ප්‍රමාණය 140 ක්.

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 60 දෙනෙකු ද, ඇෆ්ඝනිස්තානයෙන් ක්‍රීඩකයින් 43 දෙනෙකු ද, බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලින් ක්‍රීඩකයින් 38 දෙනෙකු ද, බංග්ලාදේශයෙන් ක්‍රීඩකයින් 28 දෙනෙකු ද, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් 25 දෙනෙකු ද, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයික් 14 දෙනෙකු ද ක්‍රීඩක කෙටුම්පත් කිරීම සදහා ඉදිරිපත් වී සිටිනවා.

සිම්බාබ්වේ ක්‍රීඩකයින් 11 දෙනෙකු හා අයර්ලන්ත ක්‍රීඩකයින් 9 දෙනෙකු ද ලියාපදිංචි වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය කියා සිටියා.

භානුක රාජපක්ෂ, දසුන් ශානක හා වනිදු හසරංග යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් Platinum කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබෙනවා.

ඊට අමතරව ආරෝන් ෆින්ච්, අඩිල් රෂීඩ්, ඇලෙක්ස් හේල්ස්, ඩේවිඩ් මිලර්, එවින් ලුවිස්, ලුන්ගි එන්ගිඩී, ජිමී නීෂම්, මොයීන් අලී, නිකලස් පූරාන්, රෂීඩ් ඛාන්, ශකිබ් අල් හසාන් හා ටබ්රයිස් ශම්සි වැනි ක්‍රීඩකයින් ද එම කාණ්ඩයෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීම සදහා ඉදිරිපත්ව සිටිනවා.

Diamond කාණ්ඩයෙන් ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, දුෂ්මන්ත චමීර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, මහීෂ් තීක්ෂණ, පැතුම් නිස්සංක හා තිසර පෙරේරා යන ක්‍රීඩකයින්.

මේ අතර, ඒ ඒ කණ්ඩායම් විසින් මිලදී ගත් හා සිය සංචිතයේ රදවා ගත් ක්‍රීඩක ලැයිස්තුව ද මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඊට අනුව මීට පෙර ඉස්ලාමාබාද් යුනයිටඩ් හා කරච්චි කිංග්ස් කණ්ඩායම් නියෝජනය කළ පාකිස්තාන නායක බාබර් අසාම් ඉදිරි තරග වාරයේ දී පෙෂාවර් සල්මි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

Platinum හා Diamond කාණ්ඩවලින් ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩක ලැයිස්තුව –

Platinum

Aaron Finch, Adil Rashid, Akeal Hosein, Alex Hales, Bhanuka Rajapaksa, Colin De Grandhomme, Dasun Shanaka, David Miller, Dawid Malan, Evin Lewis, Jimmy Neesham, Lungi Ngidi, Martin Guptill, Moeen Ali, Mohammad Nabi, Mujeeb ur Rehman, Nicholas Pooran, Odean Smith, Rahkeem Cornwall, Rahmanullah Gurbaz, Rashid Khan, Rassie van der Dussen, Reece Topley, Saqib Mahmood, Shakib Al Hasan, Tabraiz Shamsi, Tom Curran, Tymal Mills and Wanindu Hasaranga De Silva

Diamond

Adam Hose, Andre Fletcher, Andrew Tye, Angelo Mathews, Avishka Fernando, Bas de Leede, Ben Mike, Benjamin Cutting, Bjorn Fortuin, Brandon King, Cameron Delport, Carlos Brathwaite, Chadwick Walton, Charith Asalanka, Craig Overton, Daniel Sams, Daniel Worrall, David Wiese, Dominic Drakes, Dushmantha Chameera, Dwaine Pretorius, Evan Jones, Fabian Allen, Fazalhaq Farooqi, George Dockrell, Gulbadin Naib, Hayden Walsh, Hazratullah Zazai, Imran Tahir, Jacques Snyman, James Bracey, James Fuller, James Vince, Jamie Overton, Janneman Malan, Jason Roy, Johnson Charles, Josh Little, Keemo Paul, Kevin Sinclair, Kieran Powell, Kusal Mendis, Kusal Perera, Laurie Evans, Lendl Simmons, Lewis Gregory, Lewis McManus, Liam Dawson, Liam Norwell, Luke Wood, Maheesh Theekshana, Mahmudullah Riyad, Marchant De Lange, Mehidy Hasan Miraz, Michael Rippon, Migael Pretorius, Mushfiqur Rahim, Najibullah Zadran, Nkrumah Bonner, Ollie Pope, Olly Stone, Oshane Thomas, Patum Nissanka , Paul Walter, Qais Ahmad, Rehan Ahmed, Richard Gleeson, Rilee Rossouw, Roelof van der Merwe, Roston Chase, Ryan Gibson, Shai Hope, Shane Dadswell, Sherfane Rutherford, Sikandar Raza, Tamim Iqbal, Taskin Ahmed, Thisara Perera, Thomas Kaber Phillip, Wayne Parnell and Will Jacks

Complete list of retained players:

Islamabad United: Shadab Khan (Platinum). Asif Ali (Brand Ambassador) and Mohammad Wasim Jnr (Diamond). Azam Khan, Faheem Ashraf and Hasan Ali (Gold). Colin Munro and Paul Stirling (Silver).

Karachi Kings: Haider Ali (Platinum). Imad Wasim, Mohammad Amir and Shoaib Malik (Diamond). Aamir Yamin, Mir Hamza and Sharjeel Khan (Silver). Qasim Akram (Emerging)

Lahore Qalandars: Rashid Khan and Shaheen Shah Afridi (Platinum). David Wiese (Diamond). Abdullah Shafique (Gold). Harry Brook and Kamran Ghulam (Silver). Zaman Khan (Emerging). Eighth retention to be announced in due course.

Multan Sultans: Mohammad Rizwan (Platinum). Khushdil Shah, Rilee Rossouw and Shan Masood (Diamond). Shahnawaz Dahani (Brand Ambassador) and Tim David (Gold). Abbas Afridi and Ihsanullah (Emerging).

Peshawar Zalmi: Babar Azam (Platinum). Sherfane Rutherford and Wahab Riaz (Diamond). Mohammad Haris (Gold). Aamir Jamal (Brand Ambassador), Salman Irshad and Tom-Kohler Cadmore (Silver).

Quetta Gladiators: Mohammad Nawaz (Platinum). Iftikhar Ahmed and Jason Roy (Diamond). Mohammad Hasnain and Sarfaraz Ahmed (Gold). Naveen ul Haq, Umar Akmal (Mentor) and Will Smeed (Silver)

Leave a comment