Ultimate magazine theme for WordPress.

PSL 19 වැනි තරගය අද; ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් ලාහෝර් කණ්ඩායමට

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ 19 වන තරගය අද(12) පැවැත්වෙනවා.

ඒ, පෙෂාවර් සල්මි කණ්ඩායම සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට අබුඩාබි හී දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට සමත්ව සිටින්නේ ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමයි.

ඔවුන් තරග 6කට ක්‍රීඩා කර තරග 5ක් ජය ගෙන හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10ක්.

ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක්ද, කරච්චි කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ද ලබා පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවනවා.

Leave a comment