Ultimate magazine theme for WordPress.

PSL අතරතුර තවත් තිදෙනෙකුට කොරෝනා

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට සහ සහාය කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක ෆාවඩ් අහමඩ්ට වෛරසය ආසාදනය වී ඇති බවට අණාවරණය වී දිනකට පසුවයි.

වෛරසය ආසාදනය වූ බවට අලුතින් හදුනා ගැණුනු අදාළ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ද ඉස්ලාමාබාද් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බව සදහන්.

කෙසේ වෙතත්, ෆාවඩ් අහමඩ්ට වෛරසය ආසාදනය වූ බව තහවුරු වීමත් සමග පසුගිය පළමු වැනිදා කල් දැමීමට කටයුතු කෙරුණු ඉස්ලාමාබාද් යුනයිටඩ් සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර තරගය සැලසුම් කළ පරිදි ඊයේ(2) දිනයේ දී පැවැත්වීමටයි කටයුතු කෙරුණේ.

Leave a comment