පිට පිට ලැබූ සුපිරි පන්දුවාර ජයත් සමග ඉන්දියාව 4-0ක් ලෙස පෙරමුණට

0 212

නවසීලන්තය සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය ද සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

වෙලින්ටන් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව ඉන්දියාව කඩුලු 8ක් දැවී ලකුණු 165ක් ලබා ගත්තා.

මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 50යි.

පන්දු යැවීමේ දී ඉෂ් සෝදි කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට ද කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 165ක් පමණයි.

කොලින් මුන්රෝ ලකුණු 64ක් රැස් කළ අතර, Tim Seifert ලකුණු 57යි.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් කඩුලු 2ක් බිද හෙලුවා.

අනතුරුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ දී නවසීලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 12ක් රැස් කළා.

පිළිතුරු ලෙස ඉන්දියාව පන්දු 5කින් එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් ද ඉන්දියාව ජය වාර්තා කළේ සුපිරි පන්දුවාරයේ දී වීම විශේෂත්වයක්.

තෙවැනි සහ සිව්වන 20යි 20 තරග ද්විත්වයම ජය ගැනීම සදහා මනා අවස්ථාවක් නවසීලන්තය සතුව පැවැති නමුත්, ඉනිමේ අවසන් මොහොතේ දී ඔවුන්ට තරගයේ ජය ගිලිහී යාම කැපී පෙනන සිදු වීමක්.

දෙරට අතර අද පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් 3ක් සිදු කර තිබුණා.

ඒ අනුව සංජු සැම්සන්, වොෂින්ටන් සුන්දර්, නව්දීප් සයිනි කණ්ඩායමට කැදවා තිබුණේ රෝහිට් ෂර්මා, මොහොමඩ් ෂාමි සහ රවීන්ද්‍ර ජඩේජා වෙනුවටයි.

නවසීලන්ත කණ්ඩායම සදහා මෙම තරගයේ දී නිත්‍ය නායක කේන් විලියම්සන් ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ අතර, ඒ වෙනුවට වැඩබලන නායකයා ලෙස ටිම් සවුති කටයුතු කළා.

මේ වන විට ඉන්දියාව තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තරග 4-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

තරගයේ සජීවී ලකුණු සටහන –

You might also like

Leave A Reply

Your email address will not be published.