වසර 32කට පසු ඉන්දියාවට පූර්ණ තරගාවලි පරාජයක්

0 1,113

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර අද(11) පැවැති තෙවැනි තරගයෙන් නවසීලන්තය කඩුලු 5ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Mount Maunganui හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 296ක් ලබා ගත්තා.

කේ.එල් රාහුල් ලකුණු 112ක් රැස් කළා.

පන්දු යැවීමේ දී හමිෂ් බෙනෙට් කඩුලු 4ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 17ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

හෙන්රි නිකල්ස් ලකුණු 80ක් සහ මාර්ටින් ගප්ටිල් ලකුණු 66ක් ලබා ගත්තා.

කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් පන්දු 28කින් නොදැවී ලකුණු 58ක් ලබා ගනිමින් නවසීලන්තයේ ජයග්‍රහනය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී යුස්වේන්ද්‍ර චහල් කඩුලු 3ක් දවා ගත්තා.

අවසන් තරගයේ වීරයා ලෙස හෙන්රි නිකල්ස් සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා ලෙස රෝස් ටේලර් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ඉන්දියාව තරග 3ක් හෝ ඊට වැඩි තරග සංඛ්‍යාවකින් යුත් එක්දින තරගාවලියක් පූර්ණ ලෙස පරාජයට පත් වූයේ 1988 වසරෙන් අනතුරුව වීම විශේෂත්වයක්.

මෙම තරගාවලියේ දී ජස්ප්‍රිට් බුම්රාට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වීම ද ඉන්දියාවේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා.

තරගයේ ලකුණු සටහන –

You might also like

Leave A Reply

Your email address will not be published.