Ultimate magazine theme for WordPress.

NSL සිව්දින තරගාවලියේ තරග කාලසටහන නිවේදනය කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(18) නිවේදනය කෙරුණා.

ක්‍රීඩාංගන 5කදී අදාළ තරගාවලිය එළඹෙන 24 වනදා සිට පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියේ පළමු තරග දෙක එළඹෙන 24 වනදා ගාලු කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතරත්, යාපනය කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු 31 වනදා ආරම්භ වන බව ක්‍රිකට් ආයතනය නිකුත් කළ තරග කාලසටහනෙහි දැක්වෙනවා.

අවසන් තරගය ගාල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ අප්‍රේල් 7 වනදායි.

මේ අතර, ජාතික සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට(19) මහනුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

සිව්දින තරගාවලියේ තරග කාලසටහන –

SLC
Leave a comment