Ultimate magazine theme for WordPress.

NSL පළමු දිනයේ දී කොළඹ ලකුණු 214කටත්, දඹුල්ල ලකුණු 155කටත් දැවී යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ජාතික සුපර් ලීග් (National Super League) සිව්දින ක්‍රිකට් තරගාවලිය අද(19) ආරම්භ වුණා.

තරගාවලිය ආරම්භ කරමින් කොළඹ කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී ද, දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වෙනවා.

මහනුවර කණ්ඩායමට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, කොළඹ කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 214 ක්. ප්‍රභාත් ජයසූරිය ලකුණු 51 ක් හා නිසල තාරක ලකුණු 38 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 ක් හා නිම්සර අතරගල්ල කඩුලු 4 ක් බිද හෙලුවා.

පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියා.

දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 155 ක්. නිමේෂ් ගුණසිංහ ලකුණු 31 ක් රැස් කළ අතර, ඩිලාන් ජයලත් ලකුණු 27 යි. පන්දු යැවීමේ දී කවිශ්ක අංජුල කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාලු කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 90 ක් රැස් කර ගෙන සිටියා.

Show Comments (1)