Ultimate magazine theme for WordPress.

NSL තරගාවලියේ ශූරයින්ට රුපියල් මිලියන 5 ක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය සදහා වෙන් කර ඇති ත්‍යාග මුදල් පිළිබද තොරතුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(3) නිවේදනය කළා.

තරගාවලියේ අවසන් මහා තරගය මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන්නේ දඹුල්ල කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතරයි.

ඒ අනුව තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් මිලියන පහක ත්‍යාග මුදලක් පිරිනැමෙන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනුශූරයින්ට හිමි වන ත්‍යාග මුදල රුපියල් මිලියන 2.5 ක්.

තරගාවලියේ වීරයාට රුපියල් ලක්ෂ පහක මුදලක් ද, හොදම පිතිකරුට හා හොදම පන්දු යවන්නාට රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් බැගින් ද පිරිනැමීමට නියමිතයි.

Leave a comment