Ultimate magazine theme for WordPress.

තරංගගෙන් විශිෂ්ඨ ශතකයක් – ළහිරු කුමාරගෙන් අනර්ඝ පන්දු යැවීමක් – NCC අවසන් තරගයට

අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට එන්.සී.සී. කණ්ඩායම අද (09) සමත්වුණා.

ඒ, බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18 ක ජයක් වාර්තා කරමින්.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ලෙස සී.සී.සී. ක්‍රීඩාංගනයේ පැවැති අදාළ තරගයේ දී එන්. සී. සී. පිල වෙනුවෙන් ශතකයක් වාර්තා කිරීමට උපුල් තරංග සමත් වූ අතර, ඔහු ලකුණු 136ක් රැස් කළේ පන්දු 139 කට මුහුණ දෙමින් හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් එල්ල කරමින්.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය එන්.සී.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණේ රාගම ක්‍රිකට් සමාජය සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතරයි.

එම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට රාගම කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව එන්. සී. සී. කණ්ඩායම ලබන 11 වැනිදා රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ශූරතා කුසලානය වෙනුවෙන් අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතයි.

පළමු අවසන් පූර්ව තරගය –

එන්.සී.සී 292/7 (50) – උපුල් තරංග 136, කමිල් මිශාර 46, චතුරංග ද සිල්වා 30, අලංකාර අසංක 60/3, චාමිකර එදිරිසිංහ 56/2

බදුරලිය 274/10 (49.3) ටී.එම්. සම්පත් 98, ගමිඳු කණිෂ්ක 50, ඩිල්ෂාන් ද සොයිසා 37, ළහිරු කුමාර 42/4, චතුරංග ද සිල්වා 44/2, චාමික කරුණාරත්න 65/2

දෙවැනි අවසන් පූර්ව තරගය –

යුද හමුදාව 178/10 (46.3) – තිසර පෙරේරා 45, හිමාෂ ලියනගේ 45, මහේෂ් කුමාර 26, ඉෂාන් ජයරත්න 31/5, බිනුර ප්‍රනාන්දු 30/3

රාගම 179/2 (39.2) – සමින්ද ප්‍රනාන්දු 99, නිශාන් මදුෂ්ක 34, දිනෙත් තිමෝද්‍ය 33*

Leave a comment