NCC හා කෝල්ට්ස් සම ශූරයින් වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අන්තර් සමාජ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (Major Clubs T20 Tournament) සම ශූරතාවය දිනා ගැනීමට එන් සී සී කණ්ඩායම හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අද(11) සමත් වුණා.
ඒ, අද පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වීම හේතුවෙන්.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් කිසිදු පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ.
තරගාවලියේ දක්ෂතම පිතිකරුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉනිම් 3ක දී ලකුණු 195ක් ලබා ගත් එන් සී සී කණ්ඩායමේ උපුල් තරංග.
බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ ලහිරු මදුශංක ඉනිම 4කදී කඩුලු 10ක් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කර ගත්තා.
මුවර්ස් කණ්ඩායමේ ලහිරු සමරකෝන් තරගාවලියේ වීරයා ලෙසයි සම්මානයෙන් පිදුම් ලැබුවේ. ඔහු ඉනිම් 5 කදී කඩුලු 13 ක් දවා ගැනීමට සමත් වුණා.