Lunch Report : කඩුලු දෙකෙන් පසු මැතිව්ස් ආබාධයකට ලක් වෙයි
Lunch Report
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(18) ගාල්ලේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පළමු දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 88 ක්.
පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරන්ත ලකුණු දෙකකට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 27 කට දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ William O’Rourke විසින්.
ලකුණු 33 දී දෙවැනි කඩුල්ල දැවී යාමෙන් අනතුරුව තෙවැනි කඩුල්ල සදහා දිනේෂ් චන්දිමාල් හා ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 36* (109) ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, පන්දුවක් ඇගිල්ලක වැදීමෙන් සිදු වූ ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ වන විට මැතිව්ස් නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 12(55) ක්.
මෙම තරගයේ දී අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 30 ක් හා අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.