Ultimate magazine theme for WordPress.

LPL Draft Update : ශ්‍රී ලංකාවේ හොදම 20යි 20 පිතිකරුට LPL අහිමි වෙයි ද ?

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර සදහා වන ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තේරීමේ කටයුතු මේ වන විට කෙමෙන් කෙමෙන් අවසන් අදියර කිහිපය වෙත ළගා වී තිබෙනවා.

අතථ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ අද පස්වරුවේ ආරම්භ වූ මෙම කෙටුම්පත් කිරීමේ දී දේශීය ක්‍රීඩකයින් මෙන්ම නම් දැරූ විදෙස් ක්‍රීඩකයින් රැසක් ද මිලදී ගැනිමට කණ්ඩායම් කළමණකාරීත්වය විසින් කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මෙම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක කිසිදු කණ්ඩායමක් විසින් මෙතෙක් මිලදී නොගැනීම කැපී පෙනෙන සිදුවීමක්.

අයි.සී.සී ජාත්‍යන්තර 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.

පැතුම් නිස්සංක මේ වන විට 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු මේ වන විට අලෙවි වී තිබෙනවා.

  • Muditha Lakshan drafted by Colombo Stars – Sri Lankan Gold – USD 10K
  • Dilshan Madushanka drafted by Jaffna Kings – Sri Lankan Gold – USD 10K
  • Movin Subasingha – drafted by Galle Gladiators – Sri Lankan Gold – USD 10K
  • Kalana Perera drafted by Dambulla Giants – Sri Lankan Gold – USD 10K
  • Avishka Perera drafted by Kandy Falcons – Sri Lankan Gold – USD 10K
  • Ashian Daniel drafted by Kandy Falcons – Sri Lankan Gold – USD 10K
  • Lakshitha Manasinghe drafted by Colombo Stars – Sri Lankan Gold – USD 10K
  • Nipun Dananjaya – drafted by Jaffna Kings – Sri Lankan Gold – USD 10K
  • Nipun Malinga drafted by Galle Gladiators – Sri Lankan Gold – USD 10K
  • Dilum Sudeera drafted by Dambulla Giants – Sri Lankan Gold – USD 10K
  • Kevin Koththigoda drafted by Colombo Stars – Sri Lankan Silver – 3K
  • Sachitha Jayatilaka drafted by Dambulla Giants – Sri Lankan Silver – 3K
  • Malinda Pushpakumara – drafted by Kandy Falcons – Sri Lankan Silver – 3k
  • Vijayakanth Viyaskanth drafted by Jaffna Kings – Sri Lankan Silver – 3k
  • Sachindu Colombage drafted by Galle Gladiators – Sri Lankan Silver – 3k
  • Theesan Vidushan – drafted by Jaffna Kings – Sri Lankan Silver – 3k
  • Lakshan Gamage – drafted by Galle Gladiators- Sri Lankan Silver – 3k
Leave a comment