LPL 2024 : ෆැල්කන්ස් හා කිංග්ස් අතර Qualifier 2 ගැටුම අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය අද(20) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය පැවැත්වෙන්නේ Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගත් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරයි.
අද තරගය රාත්‍රී 7:30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
Qualifier 2 තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට(21) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයේ දී ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතව තිබෙනවා.
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද හිමි කර ගත් මාර්වල්ස් කණ්ඩායම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ Qualifier 1 තරගය ජය ගනිමින්.