Ultimate magazine theme for WordPress.

LPL 2022 : රදවා ගත හැකි ක්‍රීඩකයින් ප්‍රමාණය හා මිල ගණන් නිවේදනය කෙරේ

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට පෙර පසුගිය තරග වාරයේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 5 දෙනෙකු උපරිම වශයෙන් කණ්ඩායමේ රදවා ගැනීමේ අවස්ථාව සියලු කණ්ඩායම් වෙත ලබා දී තිබෙනවා.

Gold හා Silver යන කාණ්ඩවලින් එක් ක්‍රීඩකයෙකු බැගින් ද, Ruby, Sapphire, Diamond, Platinum යන කාණ්ඩවලින් ක්‍රීඩකයින් තිදෙනෙකු ද එලෙස රදවා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකරුවන් වෙත හිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රදවා තබා ගත හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙදෙනෙකු පමණයි.

ඒ අනුව ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ඒ ඒ සංචිත තුළ සිටිය හැකි උපරිම ක්‍රීඩකයින් සංඛ්‍යාව 5 ක්. ඒ තුළින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී ක්‍රීඩකයින් තෝරා ගැනීම සදහා සෑම කණ්ඩායමකටම අවම වශයෙන් වට (අවස්ථා) 15ක් ලැබෙනු ඇති.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට වට 20 ක් ඇතුළත් වනවා.

ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවෙන් පසුව එක් සංචිතයක් සදහා උපරිමය ක්‍රීඩකයින් 20 දෙනෙකු සිටිය යුතු අතර, ඉන් 6 දෙනෙකු විදෙස් ක්‍රීඩකයින් විය යුතුයි.

තරගයක් සදහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනාගේ කණ්ඩායම වෙනුවෙන් අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කළ යුතු අතර, උපරිම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් සිව් දෙනෙකු ඇතුළත් කළ හැකි වනවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී පළමු වට 4 වෙන්ව ඇත්තේ පිළිවෙලින් International RUBY, Sri Lankan RUBY, International SAPPHIRE හා Sri Lankan SAPPHIRE කාණ්ඩ සදහායි.

එම කාණ්ඩ යටතේ සෑම කණ්ඩායමකටම ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ක්‍රීඩකයින් තෝරා ගැනීමට හෝ ක්‍රීඩකයින් රදවා ගැනීමට අවස්ථාව ලබා දී ඇති අතර, යම් කණ්ඩායමක් විසින් එම කාණ්ඩයක් යටතේ කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ක්‍රීඩකයෙකු තෝරා ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කර ඇත්නම් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී අදාළ කණ්ඩායමට එම කාණ්ඩය යටතේ ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට සිදු වනවා. (ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට අදාළ කාණ්ඩ 20 හා මිල ගණන් මෙම පුවතෙහි පහතින් දක්වා ඇත)

LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දිනය මෙතෙක් නිවේදනය කර නැතත්, ඒ සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

විදෙස් ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවිය ඔස්සේ LPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව සදහා ලියාපදිංචි විය හැකියි.

ජූනි 23 වනදා මධ්‍යහ්න 12 දක්වා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර ලබන ජූලි 31 වැනිදා සිට අගෝස්තු 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී හා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ.

මෙවර තරගාවලිය සදහා ද කණ්ඩායම් 5ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. තරගාවලිය සදහා තරග 24ක් ඇතුළත්.

Leave a comment