Ultimate magazine theme for WordPress.

LPL හතරේ සීමාවේ දුර ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිලි කිරීමක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී යොදා ගෙන ඇති හතරේ සීමාවේ දුර ප්‍රමාණය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බව තරගාවලි සංවිධායකයින් පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ යාර 70ක දුර ප්‍රමාණයක් තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා පවත්වා ගැනීමට මෙවර තරගාවලියේ දී කටයුතු කරන බවයි.

එය ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන්ට අනුකූල බව තරගාවලි සංවිධායකයින් සදහන් කරනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල නීති ප්‍රකාරව තණතීරුවේ සිට හතරේ සීමාව දක්වා වන අවම දුර ප්‍රමාණය යාර 65ක් විය යුතුයි.

උපරිමය යාර 90ක් දක්වා පවත්වා ගත හැකි වනවා.

තරගාවලියට යොදා ගෙන ඇති හතරේ සීමාවේ දුර සම්බන්ධයෙන් තරගාවලි සංවිධායකයින් මෙලෙස මාධ්‍ය නිවේනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමට පියවර ගෙන ඇත්තේ එම දුර ප්‍රමාණයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පාර්ශව රැසක් විවේචන එල්ල කිරීම හේතුවෙන්.

Leave a comment