Ultimate magazine theme for WordPress.

LPL යළි කල් දැමේ

එළඹෙන 28 වනදා ආරම්භ වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා newswire වෙබ් අඩවිය වෙත මේ බව තහවුරු කර තිබෙනවා.

කොරෝනා වසංගත අර්බුදයත් සමග පවතින සියලු තත්ත්වයන් සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව එල්.පී.එල් තරගාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

 

Leave a comment