Ultimate magazine theme for WordPress.

LPL නියෝජනය කළ දැවැන්තයෙක් IPL හැර යාමට තීරණය කරයි

පසුගිය වසර අවසානයේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කළ දකුණු අප්‍රිකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබෙනවා.

ඩේල් ස්ටේන් මේ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තහවුරු කළා.

ඔහු වැඩිදුරටත් සදහන් කර තිබුණේ තමාට කිසිසේත් විශ්‍රාම ගැනීමේ අවශ්‍යතාවයක් මෙම අවස්ථාවේ නොපවතින බවයි.

අදාළ කාලයේ දී තාවකාලීක විවේකයක් ලබා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ස්ටේන් සදහන් කළා.

ඔහු පසුගිය වසරේ පැවැති IPL තරගාවලියේදී රෝයල් චැලෙන්ජ්ස් බැංගලෝර් කණ්ඩායමයි නියෝජනය කළේ.

කෙසේ වෙතත්, එම කණ්ඩායම වෙනුවෙන් හෝ වෙනත් කණ්ඩායමක් වෙනුවෙන් හෝ තමා මෙවර අයි.පී.එල් තරගාවලියට එක් නොවන බව ඩේල් ස්ටේන් පෙන්වා දෙනවා.

තමාගේ අවශ්‍යතාවය තේරුම් ගැනීම සම්බන්ධයෙන් තමා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ස්තූතිය පුද කරන බවයි ඔහු සිය ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Leave a comment