Ultimate magazine theme for WordPress.

LPL තරග පාවා දෙන්න හැදූ කොදෙව් පිතිකරුට අයි.සී.සීයෙන් ක්‍රිකට් තහනමක්

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ඩෙවෝන් තෝමස්ට එරෙහිව දූෂණ චෝදනා ගොණු කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට්, එමිරේට්ස් ක්‍රිකට් ආයතනයේ හා කැරිබියන් ප්‍රිමියර් ලීගයේ දූෂණ මර්දන සංග්‍රහයන්හි වගන්ති 7 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද අයි.සී.සීය පියවර ගෙන තිබෙනවා.

එල්ල කර ඇති චෝදනාවලට පිළිතුරු ලබා දීම සදහා ඩෙවෝන් තෝමස්ට මැයි 23 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන කොදෙව් සංචිතයට ද 33 හැවිරිදි ඔහුව නම් කර ඇති පසුබිමකයි මෙම චෝදනා ඔහුට එරෙහිව ගොණු කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග්, අබුඩාබි T10 හා කැරිබියන් ප්‍රිමියර් ලීග් යන තරගාවලියන්ට අදාළව ඩෙවෝන් තෝමස්ට එරෙහිව මෙම දූෂණ චෝදනා ගොණු කර ඇති බව සදහන්.

තෝමස්ට එරෙහිව එල්ල වී ඇති බරපතලම චෝදනාව වන්නේ 2021 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ දී තරග පාවාදීමට උත්සාහ කළ බවට වන චෝදනාවයි. එම තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කළේ එක් තරගයක් පමණයි.

උල්ලංඝනය කර ඇති වගන්ති –

Article 2.1.1 of the SLC Code – contriving or being party to an agreement to fix or attempt to fix, contrive or influence improperly the result, progress, conduct or other aspects of matches in the Lanka Premier League 2021.

Article 2.4.4 of the SLC Code – failing to disclose to the Designated Anti-Corruption Official, without unnecessary delay, full details of an approach or invitations received to engage in Corrupt Conduct in the Lanka Premier League 2021.

Article 2.4.6 of the SLC Code – failing or refusing, without compelling justification, to cooperate with the Designated Anti-Corruption Official’s investigation by failing to provide accurately and completely any information and/or documentation requested by the Designated Anti-Corruption Official.

Article 2.4.7 of the SLC Code – obstructing or delaying the Designated Anti-Corruption Official’s investigation into Corrupt Conduct, including (without limitation) concealing, tampering with or destroying any documentation or other information that may be relevant to that investigation and/or that may be evidence of or may lead to the discovery of evidence of Corrupt Conduct.

Article 2.4.4 of the ECB Code – failing to disclose to the Designated Anti-Corruption Official, without unnecessary delay, full details of an approach or invitations received to engage in Corrupt Conduct at the Abu Dhabi T10 2021.

Article 2.4.4 of the CPL Code – failing to disclose to the Designated Anti-Corruption Official, without unnecessary delay, full details of an approach or invitations received to engage in Corrupt Conduct in relation to the CPL 2021.

Article 2.4.2 of the CPL Code – failing to disclose to the Designated Anti-Corruption Official (without unnecessary delay) the receipt of any gift, payment, hospitality or benefit (a) that he knew or should have known was made in order to procure a breach of the CPL Code, or (b) could have brought the player or the game of cricket into disrepute.

Leave a comment