Ultimate magazine theme for WordPress.

LPL තරගාවලිය කල් දැමේ

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ සංවිධාන කටයුතු සිදු කරන ඉනෝවේටිව් ප්‍රඩක්ෂන් ගෘප් (Innovative Production Group) හෙවත් IPG ආයතනය විසින් කළ ඉල්ලීමක් සලකා බලා එම තීරණය ගත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රට තුළ පවතින ආර්ථික අර්බුදය පදනම් කර ගනිමින් එම ඉල්ලීම ඔවුන් සිදු කර තිබූ බව සදහන්.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

තරගාවලියේ පළමු තරග 14 කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, අගෝස්තු 13 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබූ ඉතිරි තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වෙන බව ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණා.

තරගාවලිය කල් දැමීමට තීරණය කළ ද, එය පැවැත්වෙන මාසයක් සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය නිවේදනය කර නැහැ.

Show Comments (2)