Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 190ක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලිය සදහා විදෙස් ක්‍රීඩකයින් 190 දෙනෙකු ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, තරගාවලියට එක්වීමට අවස්ථාව හිමි වන්නේ ඉන් 30 දෙනෙකුට පමණයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා Daily FT පුවත්පත වෙත සදහන් කර ඇත්තේ එළඹෙන 7 වනදා වන විට කණ්ඩායම්වල හිමිකරුවන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම මස අවසන් වන විට ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට ද අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

තරගාවලියට කණ්ඩායම් 5ක් එක්වන අතර, එක් කණ්ඩායමක සංචිතයකට ලබා ගත හැකි වන්නේ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත්, තරගයක් සදහා කණ්ඩායමකට ක්‍රීඩා කළ හැකි උපරිම විදෙස් ක්‍රීඩකයින් ගණන 4ක්.

මෙවර එල්.පී.එල් තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment