Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට තේරුණු ක්‍රීඩක ලැයිස්තුව මෙන්න – ක්‍රිස් ගේල් නුවරට – රසල්, ෆෆ් කොළඹට

අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදු වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීමේ කටයුතු (Player Draft) අද සිදු කෙරුණා.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එම කටයුතු සිදු කෙරුණු අතර, එම අවස්ථාවට කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බළධාරීන් එක්ව සිටියා.

270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් 165 දෙනෙකු මෙම ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු සඳහා ඉදිරිපත් කර තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියට එක් වන කණ්ඩායම් කොළඹ, මහනුවර, යාපනය, දඹුල්ල සහ ගාල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කර තිබුණේ Colombo Kings, Galle Gladiators, Jaffna Stallions, Dambulla Hawks,  Kandy Tuskers ලෙසයි.

ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගැනීමේ වට 20 තුළ දී ක්‍රීඩකයින් මිලදී ගත් අයුරු පහතින් – (කණ්ඩායම් අනුපිළිවෙල කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය, මහනුවර)

SLC
SLC
Leave a comment