Ultimate magazine theme for WordPress.

LPL තරගාවලියට ඉදිරියටත් තරග කරන බවට ස්ටෑලියන්ස් කණ්ඩායමෙන් ප්‍රකාශයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ඉදිරියටත් ක්‍රීඩා කිරීමට තවමත් සිය කණ්ඩායම කැපවී සිටින බව ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම පවසනවා

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව සදහන් කළා.

ලංකා ප්‍රිමියර් ලීග්  ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන තවත් කණ්ඩායමක හිමිකාරීත්වය සමග ඇති ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇති බව මීට පෙර වාර්තා පලවී තිබූ අතර, ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය මෙලෙස අවලංගු කිරීමට කටයුතු කර ඇති බවටයි.

කෙසේ වෙතත්, අද(8) දහවල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායම නිවේදනය කළේ  LPL තරගාවලිය සාර්ථකව පැවැත්වීම සදහා අඛණ්ඩව සහාය දෙන බවයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කලම්බු කිංග්ස් සහ දඹුල්ල වයිකින්ග් යන කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට ද පසුගිය මාසයේ දී තරගාවලි සංවිධායකයින් කටයුතු කළා.

මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කෙරුණු බව සදහන්.

Leave a comment