Ultimate magazine theme for WordPress.

LPL ගැන ප්‍රේක්ෂකයින්ට සුබ ආරංචියක්

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දී ක්‍රීඩාංගනයට පැමිණ තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

පූර්ණ වශයෙන් එන්නත් ලබා ගත් ප්‍රේක්ෂකයින්ට ඒ සදහා අවස්ථාව ලබා දීමට අවධානය යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළේ.

ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකාගාරවල ධාරිතාවයෙන් 25%ක පමණ ප්‍රමාණයකට පමණක් ප්‍රේක්ෂකයන් ඇතුළු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව ද සදහන්.

රට තුළ ඉදිරියේ දී පවතින තත්ත්වය ද සලකා බලා ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා කියා සිටියේ.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Leave a comment