LPL ශූරතාවය යළිත් රැක ගැනීමට සටනට එන ජැෆ්නා කිංස්ග් අවසන් සංචිතය මෙන්න
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් පහේ අවසන් සංචිත මේ වන විට නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
දෙසැම්බර් 6 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත එල්.පී.එල් තරගාවලියේ තෙවැනි අදියර සදහා එක්වන ජැෆ්නා කිංස්ග් සංචිතය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව නොරහසක්.
පළමු අදියර දෙකේ දී ම තරගාවලියේ ශූරතාවය ජය ගැනීමට කිංග්ස් කණ්ඩායම සමත්වීම ඊට හේතුවයි.
කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙස පසුගිය තරගාවලි දෙකේ දී ම කටයුතු කළ තිසර පෙරේරා තවදුරටත් සංචිතයේ රදවා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය තීරණය කළ අතර, දග පන්දු යවන ක්‍රීඩකයින් වන මහීෂ් තීක්ෂණ හා ප්‍රවීන් ජයවික්‍රම ද සංචිතයේ රදවා ගැනීමටයි පියවර ගැනුණේ.
එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර සංවිධාන කළ අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ අශාන් රන්දික ද ජැෆ්නා කිංග්ස් සංචිතයේ රදවා ගත්තා.
පසුගිය තරග වාරයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායම නියෝජනය කළ ධනංජය ද සිල්වා සමග ජූලි 5 වැනිදා පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට (Draft) පෙරම සෘජුව ගිවිසුම් ගත වීමට ජැෆ්නා කිංග්ස් කළමනාකාරීත්වය පියවර ගෙන තිබූ අතර, දුනිත් වෙල්ලාලගේ ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග සෘජුව ගිවිසුම්ගතව තිබුණා.
මීට පෙර කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ලොව අංක එකේ පන්දුවාර 20යි 20 පන්දු යවන්නා වන දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සදහා මෙවර ක්‍රීඩා කරන්නේ නැහැ.
වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ක්‍රීඩා කරන්නේ ද කිංග්ස් කණ්ඩායම සදහායි.
ජූලි 5 වැනිදා පැවැති ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවෙන් පසුව සකස් වී තිබූ කිංග්ස් සංචිතය හා වත්මන් සංචිතය සැසදීමේ දී අසිත ප්‍රනාන්දු හා ආබාධයකට ලක්ව සිටි අවිශ්ක ප්‍රනාන්දු සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.
විදෙස් ක්‍රීඩකයින් ලෙස නවසීලන්තයේ ජිමී නීෂම් මෙවර තරගාවලිය සදහා ජැෆ්නා කිංග්ස් සංචිතය සමග එක්ව තිබීම කැපී පෙනෙනවා.
ඔවුන්ගේ කණ්ඩායමට කොදෙව් දූපත්හි Evin Lewis, දකුණු අප්‍රිකාවේ Hardus Viljoen, පාකිස්තානයේ Shahnawaz Dahani හා දකුණු අප්‍රිකාවේ Tristan Stubbs යන ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතව සිටියද, වත්මන් සංචිතයට එම ක්‍රීඩකයින් වෙනුවට ඇතුළත්ව ඇත්තේ Tom Kohler-Cadmore, James Fuller, Waqar Salamakiel හා Jimmy Neesham.
JAFFNA KINGS SQUAD :
- Thisara Perera
- Dhananjaya de Silva
- Maheesh Theekshana
- Binura Fernando
- Dunith Wellalage
- Suminda Lakshan
- Sadeera Samarawickrama
- Praveen Jayawickrama
- Dilshan Madushanka
- Nipun Dananjaya
- Vijayakanth Viyaskanth
- Theesan Vithushan
- Theivendram Dinoshan
- Ashan Randika
- Avishka Fernando
- Asitha Fernando
Overseas Player
- Jimmy Neesham (nz)
- Tom Kohler-Cadmore (eng)
- Shoaib Malik (pak)
- James Fuller (eng)
- Rahmanullah Gurbaz (afg)
- Waqar Salamakiel (afg)